ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දුව තිබේ.
ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට ළගාවූ මෙම නෞකාව හෙට (19) ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ වරායේ බැස දින දෙකහමාරක් පමණ කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කර මේ මස 21 වැනිදා ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වීමට නියමිතය.
අමෙරිකානු ධජය සහිත මෙම නෞකාව දිගින් මීටර් 105 හා පළලින් මීටර් 18.5 කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
