රනිල්ව කොමිටල් කරන්න ගිය විපක්ෂයට වෙච්ච දේ !

රනිල්ව කොමිටල් කරන්න ගිය විපක්ෂයට වෙච්ච දේ !

රැයක් දවාලක් විවේකයක් වත් නැතුව, සතියේ හැම දවසෙම වගේ, අයවැය විවාද තියෙන නිසා, මේ දවස්වල පාර්ලිමේන්තුව හරිම උණුසුම්. ආණ්ඩුවයි විපක්ෂයයි තකට තක කිව්වොත් වැරදි නෑ. විපක්ෂයට සපෝට් එකට, ආන්ඩුවේ කොටසකුත් දැන් දෙතුන් පැත්තකින් සෙට් වෙලා නිසා සජිත්ලා , ෆොන්සේකාලා, මුජිබර්ලා , මරික්කාර්ලා , නලින් බණ්ඩාරලා , හේෂලා ඔක්කොම වීරයට ඇඳලා ඉන්නේ.

ඒ උනාට තනි අලියා වගේ ඉන්න රනිලුත්, අරින්නෙම නෑ. ජනාධිපතිකම පැත්තක තියලා, වෙලාවකට ගේමට බහින්නේ , හොඳ හොඳ ආයුධ අතට අරන්. එක වෙලාවකට, අභිධර්මය ගේනවා. තව වෙලාවකට, ඉතිහාසය ගේනවා.

මතකනේ දවසක් මානවම්ම ගැන කතා කරලා, සංවාදයකදි කරපු හරිය. අන්න ඒ වගේ තමයි. තනි අලියා, අරවින්දලා, සනත්ලා බැට් කරනවා වගේ, ලවක් දෙවක් නැතුව පිටිය වටේටම නෙලනවා.

අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර කථිකයෝ, වාද විවාදවලදි කටට එන දේ කිව්වත්, දැන් නම් රනිල් ඉස්සරහ, ඒ වගේ දේවල් කියන්න ටිකක් බයයි. ඊයේ පෙරේදා අනුර දිසානායකටත් බුද්ධාගම ගැන පාඩමක් කියල දුන්නා.

ඒ වගේ සන්තෑසිය කට මුහුණ දෙන්න, මුජිබර් රහුමාන් ටත් සිද්ධ වුණේ, රනිල්ට තුම්බිය හැදිල කියලා කියපු කතාවක් නිසා...

"මට තුන්බිය කියලා මුජිබර් මන්ත්‍රිතුමා, ඒ කියන්නේ තුන්බිය ගැන දන්නේ නැතුව. තුන්බිය පුද්ගලයෙකුට හැදෙන්න විදියක් නෑ. ඒක හැදෙන්නේ, ජන සමාජයකට. විසාලා මහනුවර ජනතාවට එදා, රෝග බිය, මරණ බිය, අමනුෂ්‍ය බිය කියලා හැදුනු, තුන් බිය නිසා තමයි, බුදුන් වහන්සේ රතන සූත්‍රය කිව්වේ. එතුමත් රතන සූත්‍රය අහල හිටියනං හොඳයි. ඔබතුමා දැනගන්න මරික්කාර්ට බයයි හරි , හිරුනිකාට බයයි හරි , රෝසිට බයයි හරි කියන්නේ තුන්බිය නෙවෙයි..."

විපක්ෂයේ සමහර අය, මේ වගේ අයවැයත් එක්ක තියෙන, විෂයපථ ගැන කතා කරන්නෙ නැතුව, ජනාධිපති රනිල්ව, කොමිටල් කරන්න ගිහින් , අන්තිමේ ඒ අයම, කොමිටල් උන පාටක් තමයි පේන්න තිබුනේ.

ඔය අස්සෙ විපක්ෂයේ ඉන්න, රාජිත සේනාරත්නල වගේ, මාස්ටර් බ්ලාස්ටර්ලා, මොකද මේ වෙලාවේ සද්ද නැත්තෙ කියලත්, සමහරු කතා වෙනවා. වෙනදනම් බලන්න එපායැ , අයවැය විවාදෙකදී රාජිතලාගේ සද්දෙ. රාජිතලා වැඩි සද්ද බද්ද දාන්නෙ නැත්තෙ, ඉස්සරහට කැබිනට් සංශෝධනේ දී ,උන්දැටත් ඇමතිකමක් ෂුවර් හින්දා කියලයි, සමහරු කියන්නේ.

අපිටනං කෙරෙන කන් ඕව ගැන විස්වාසයක් නෑ.

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න