මෙතෙක් කලක් පුත්තලම දිස්ත්‍රික් ජනතාව යහපාලන ආණ්ඩුවට ශක්තියක් වෙමින් සිදුකල සේවයට ගරු කිරීමක් ලෙස අත්හැර දමා ඇති බවක් පෙන්වන තම දිස්ත්‍රික්කයට වැඩක් කළහැකි අමාත්‍යධුරයක් ලබාදීමට කටයුතු කරන ලෙස පුත්තලම් දිස්ත්‍රික්ක යහපාලන සංසදය ඉල්ලා සිටියි.
ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට අවධානය යොමුකිරීම සඳහා මාධ්‍ය වෙත නිවේදනයක් යොමුකරමින් එම සංසදය මෙම ඉල්ලීම සිදුකරන අතර මෛත්‍රීපාල සිරිසේන ජනපති කරමින් යහපාලන රජය බිහි කිරීමට මෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට ඔවුන් සිදුකළ සේවයද එහිදී සිහිපත් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු 03 සහ එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වු අතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සමඟ එක්ව සිටියද ඒකාබද්ධ විපක්ෂයට සහාය පල කරමින් සිටීයි.
එසේම පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා හැර යද්දීද් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් යහපාලන ආරක්ෂා කරමින් ජනතාව සමඟ සිටි බව පුත්තලම් දිස්ත්‍රික්ක යහපාලන සංසදය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.
ශ්‍රීලනිපයෙන් පුත්තලමට හිමි ව තිබු ඇමැති ධුරයන් නැවත දිස්ත්‍රික්කයට නොලැබුණ බවටත් එක්සත් ජාතික පක්ෂයටද ලබා දී ඇත්තේ බලතල රහිත ඇමැති ධුර බවටද චෝදනාවක් එහි දක්වා ඇත.
බහු අගාමික සහ බහු වාර්ගික ජන කොටස් ජිවත් වන පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව තවමත් යහපාලන රජය කෙරෙහි විශ්වාස කරන බවට පවසන පුත්තලම් දිස්ත්‍රික්ක යහපාලන සංසදය ඉදිරි කැබිනට් සංශෝධනයක දී පුත්තලම් දිස්ත්‍රික්කයට යම් සාධාරණයක් වනු ඇති බවට වැඩි දුරටත් විශ්වාසය පල කර සිටි.