තෝරදෙණිය වගේ ද ෆොන්සේකා : නිර්මාල් කන්නගේ එල්ලෙයි !

තෝරදෙණිය වගේ ද ෆොන්සේකා : නිර්මාල් කන්නගේ එල්ලෙයි !
විදර්ශන කන්නන්ගර ජනතා විමුක්ති පෙරමුණ 87-89 කාලයේ මියගිය සිය පක්ෂයේ අය සමරන අතර විජේවීර ඝාතනයට සම්බන්ධ වී යැයි කියන හමුදා නිලධාරියෙක් සමඟ එකට පෙනී සිටීම විරුද්ධාභාසයක් බව කියයි. 
 
මේ චෝදනාවට පිළිතුරු දීමට ජවිපෙට හැකියාවක් ඇති බව පෙනේ. ජවිපෙ ෆේස්බුක් බලකාය නන්දෙඩවීම පමණක් කරයි. 
 
අපි විදර්ශනගේ විවේචනය දෙස බලමු.
 
 මේ විවේචනයට අනුව විදර්ශනගේ කිට්ටු දේශපාලන හිතවතුන් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම එහි සහය ලබන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද උතුරේ ජන ඝාතක යුද්ධයේ විරුවා වන සරත් ෆොන්සේකා සමඟ දේශපාලන පයිරුපාසානං පැවැත්වීම තේරුම් කරන්නේ කෙසේද? 
 
සරත් ෆොන්සේකා මැරුවේ (හෝ මැරීමට අණ දුන්නේ) පෙසප (හෝ පෙසප මූළය වූ ජවිපෙ) නායකයින් හා සාමාජිකයින්  නොවන නිසා ඒ පෙනී සිටීම ගැටලුවක් නොවන බව විදර්ශන කියනවාවද්ද?
 
 නැත්නම් මේ සන්සන්දනය වැරදිද? වැරදිනම් ඒ වැරදි වන්නේ ඇයි? 
 
මෙවා මට ඇති ප්‍රශ්න විනා කිසිවෙකු පිළිතුරු දීමට කාලය නාස්ති කළ යුතු ප්‍රශ්න නම් නොවේ.
 
කන්නංගර ගේ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි .
FB IMG 1668445527748

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න