ජනාධිපති කාර්‍යාලයට පනින්න මුල්වූ සේරම ඇරෙස්ට් !

ජනාධිපති කාර්‍යාලයට පනින්න මුල්වූ සේරම ඇරෙස්ට් !

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලු වීමට මුල්වී ක්‍රියාකළ අරගලකරුවන් සහ එහි දේපළ සොරාගත් සියලු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 46 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

- lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න