හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
චෝදනා කිහිපයක් මත අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවපොලීසිය සඳහන් කරයි.
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අද(14) පෙරවරුවේ විරෝධතාවයක් සිදු කළේ, කාන්තා අයීතින් සුරකින ලෙස රජයට බලකරමිනි.
විරෝධතාව අතරතුර පොලිස් භාරයට ගත් කාන්තාවන් පිරිසක් නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණියේ ය.
එහිදි කුරුඳුවත්ත පොලීසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
