සත්‍යය කවදා හෝ ජය ගනී : පුෂ්පිකා ආයෙත් කරළියේ !

සත්‍යය කවදා හෝ ජය ගනී : පුෂ්පිකා ආයෙත් කරළියේ !

සෑම කාන්තාවකටම මේ ලෝකයේ ජීවත් වෙන්නට සාධාරණ අයිතියක් ඇත. ඒ කාන්තාව මවක් නම් ඇය වඩාත් ශක්තිමත් කෙනෙකි. ගැහැණු පිරිමි අප සියලු දෙනාම ගැටි ගැටී අරගල කරන්නේ සටන් කරන්නේ අපේ ජීවිතවල සිදුවන අසාධාරනකම් වලට එරෙහි ව, ලැබිය යුතු සාධාරණත්වය වෙනුවෙනි. මමද එසේ මා වෙනුවෙන් කළ සටනකින් අනතුරුව, පසුගිය වසරේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ දී මා දිනාගත් කිරුළ, ඉතාමත් අසාධාරණ සහ අපකීර්තිමත් ලෙස ලෝකයක් අභියස ගලවා ඉවත් කර, සිව් වරක් ම අපේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට පවා ගිය මගේ කීර්ති නාමයට බරපතළ හානි සිදු කොට, මාධ්‍ය හරහා ඒ කිරුළ මට හිමි නොවන බවට ප්‍රකාශ නිකුත් කරමින්, විශාල අපහාසාත්මක සිදුවීම් සිදුකල පාර්ශවයන්ට එරෙහිව අධිකරණය මගින් ඊයේ (2022. නොවැම්බර් 10) දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇත.

සෑම කාන්තාවක්ම තමන් වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනෑම තත්ත්වයක් යටතේ පවා ශක්තිමත් සහ ධෛර්යමත් විය යුතුය. එවැනි කාන්තාවකගේ ධෛර්යය කිසිවකුට බිඳ දමන්නට නොහැකි ය.

සෑම කාන්තාවක්ම තවත් කාන්තාවක් වැටෙන මොහොතක දී ඇයට නැගී සිටින්නට අත දිගු කල යුතුය. එසේ නො කර තවත් අම්මා කෙනෙක්, සොයුරියක්, මිතුරියක් වන ගැහැණියක් පාගා දමන්නට උත්සාහ කිරීම, ඕනෑම කෙනෙකු විසින් දැන දැනම සිදුකරන මහා පවකි.

සැබෑ රැජිනක් සිය ජීවිතයේ ජයග්‍රහණ සතුටින් බාර ගන්නා අතර, පරාජය ද සාමකාමීව බාරගනී. කිසිවකු විනාශ කරන්නට උත්සාහ නොකරයි. මම නිතරම, "...සැබෑ රැජිණක් යනු අනෙක් කාන්තාවගේ කිරුල ගලවන අයෙකු නො ව, රහසේ ඇයගේ කිරුල සකසන අයෙක්.." යැයි කියන්නේ ඒ නිසා ය. සියල්ලටම ඉහලින් ඇති සොබාදහම සහ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සමග මම දිනෙන් දින තව තවත් ශක්තිමත් වෙමි.

පුෂ්පිකා ද සිල්වාIMG 20221112 WA0019

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න