ජාති ආගම් දේශපාලන පක්ෂවල ලයිෂන් කැන්සල් ?

ජාති ආගම් දේශපාලන පක්ෂවල ලයිෂන් කැන්සල් ?

ජාති ආගම් කුල භේද දේශපාලන පක්ෂ වලින් ඉවත් කිරීම සඳහා ඒවායේ නායකයන් සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා පවසයි .

පක්ෂවලට රිංගවා ඇති ජාති ආගම් කුලභේද බොහෝ ගැටළු වලට හේතුවක් බවද ඔහු සඳහන් කර ඇත .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මැතිවරණ කොමිසමේ මේ උත්සාහය කාලෝචිත මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති කටයුත්තක් බවය.

ජාතිවාදය සහ ආගමික කල්ලි වාදය මෙරට දේශපාලන ආර්ථික සහ සමාජීය ව්‍යසනයේ තීරණාත්මක සාධකය වූ බවත් එකී ප්‍රවේශයන්ට දේශපාලන බලය ලැබීම අහිමි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ශිෂ්ට සමාජයේ ජයග්‍රහණයක් වනු ඇති බවත් ඔවුන් පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න