නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති !

නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති !

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

මෙක්සිකෝ, භූතානය, පැරගුවා, ලක්ෂම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය සඳහා නව තානාපතිවරුන් ද ඝානා රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටිති.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙක්සිකෝ නව තානාපති ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ (Federico Salas Lotfe) , ශ්‍රී ලංකාවේ භූතාන නව තානාපතිවරයා ලෙස රින්චෙන් ක්වෙන්සිල් (Rinchen Kuentsyl) , ශ්‍රී ලංකාවේ පැරගුවා නව තානාපතිවරයා ලෙස ෆ්ලෙමින් රවුල් ඩෝටේ (Fleming Raul Duatre), ඝානා රාජ්‍යයේ නව මහකොමසාරිස් ලෙස ක්වාකු අසෝමා චෙරමේ (Kwaku Asomah Cheremeh) , ලක්ෂම්බර්ග් රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස පෙගි ෆැන්සන් (Peggy Frantzen) , රුසියා නව තානාපති ලෙස ලෙවාන් Zගාරියන් (Levan Dzhagaryan), නව ඕමාන තානාපතිවරයා ලෙස අහමඩ් අලී සයිඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) හා ප්‍රංශ නව තානාපතිවරයා ලෙස ජෝන් ෆ්‍රැන්කෝ පැක්ටේ Jean-Francois Pactet මහතාත් කටයතු කරනු ඇත.

{gallery}7-rw{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න