විශ්‍රාම වැටුපේ ප්‍රමාදය අවසන් !

විශ්‍රාම වැටුපේ ප්‍රමාදය අවසන් !

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමෙන් පසුව කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ආර්ථික අර්බුදය මත භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ වනවිට 2022 ජනවාරි දක්වා සියලු ගෙවීම් සිදු කර ඇති අතර ජනවාරි සිට ඉතිරි කාලය දක්වා ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය මේ වනවිට එකඟතාව පළ කර ඇති බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න