නිලියන් මාරු වෙලා : දුක නිසා තිළිණි අමාරුවේ !

නිලියන් මාරු වෙලා : දුක නිසා තිළිණි අමාරුවේ !

මහා පරිමාණයේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි අද (0 3) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කර සිටියේ බන්ධනාගාරය තුළ නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකතනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනාව සම්බන්ධයෙන් මෙසේ ඇයව වැලිකඩ බන්ධනාගාරයේ පැවති කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව ය.

එහිදී සැකකාරිය වෙත නගා ඇති චෝදනාව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරුවරාය විසින් එය නොවැම්බර් 24 වනදා දක්වා කල් තැබූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

නිලියන් මාරු වෙලා !

මේ අතර තිළිණි ප්‍රියමාලිට සමීපව කටයුතු කළ බව කියන ප්‍රවීන චිත්‍රපට නිළියක් සහ රංගන ශිල්පිණියක විමර්ශන මඟහරිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසයි .

දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගහරිමින් සිටින මෙම නිළියන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණණයට කරුණු වාර්තා කර අවශ්‍ය පියවර ගන්නා ගන්නා බවද එම පුවතේ සඳහන් වෙයි.

මෙම නිළියන් දෙදෙනා තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න