Language Switcher

V2025

ආණ්ඩුව නාවන්න සූදානම් - ඩලස්

ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස හඳුන්වන ඉරානය පුරවැසි අමෝව් හාජිව, ජනතාව විසින් බලහත්කාරයෙන් නැවුවා'සේ, අපිරිසිදු ආණ්ඩුව නෑවීමට විපක්ෂ බලවේගය සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ "නිදහස ජනතාව" සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඊයේ (30) එක්වෙමිනි.

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවද ඔහු අවධාරණය කර සිටියි.

විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින්, මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඉවත් කිරීමට ආණ්ඩුව සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

"මැතිවරණ කල් දැමීම පිළිබඳව අපි දිගින් දිගටම කතා කරනවා, දැන් මොකද්ද ආණ්ඩුව කරන්න හදන්නේ, පලාත් පාලන මැතිවරණ ක්‍රියාන්විතය නිල වශයෙන් සැප්තැම්බර් විසි වෙනිදා ආරම්භ වුණා.

එතෙක් නිහඬව හිටපු රාජ්‍ය නායකයා , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටි ගමන් නින්දෙන් ඇහැරිලා වගේ ප්‍රකාශයක් කළා. ''මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මැතිවරණ ක්‍රමය නොයෙක් අඩුපාඩු තියෙනවා, අට දහ වැඩි 4000 ට අඩු කරන්න ඕනෑ ....''

ඒ වගේ සාධනීය ලක්ෂණ තියෙනවා ඒවා නරක දේවල් නෙවෙයි. නමුත් නිල වශයෙන් මැතිවණ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ වුනායින් පස්සේ කරන්න හදන්නේ කුමක්ද?