ජනාධිපති වුනාට පස්සේ, ජාත්‍යන්තර අවමගුල් දෙකකට බ්‍රිතාන්‍යයට සහ ජපානෙට ගිය, ජනාධිපති රනිල් , ඔන්න COP27 දේශගුණික සමුළුවට සහභාගී වෙන්න මේ සතියේ, ඊජිප්තුවට යන්නයි හදන්නේ..
ආරංචියේ හැටියට සෙනසුරාදා (5) ඉඳලා, නොවැම්බර් 9 වැනි බදාදා දක්වා, ජනාධිපතිවරයා ඊජිප්තුවේ සංචාරයට දින යොදාගෙන.
මේ සංචාරයට, සාගල රත්නායක යන්නේ නැති ලු.. ඒ වෙනුවට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, රුවන් විජේවර්ධන යන කතාවක් තමයි තියන්නේ..
ජනාධිපති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ , ජනාධිපති සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිතයි ලු..
ජනාධිපති රනිල් ඊජිප්තුවට ගිහින් ආපු ගමන් , සජබේ ලොක්කෝ දෙතුන් දෙනෙක්, ආණ්ඩුවට එකතුකර ගන්න, මේ දවස්වල රහස් සාකච්ජා කීපයක්ම තියල කියලත් ආරංචියි.
දේශපාලන වාර්තාකරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
