අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප 16 කණ්ඩායම ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට කරන ලද ඉල්ලීම ඊයේ (11) ජනාධිපතිවරයා පිළිගත් බව වාර්තා වෙයි.
ඒ අනුව ඔවුන් එළඹෙන 19 වනදා සිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව ඇත.
කෙසේ වුවත් ඊයේ රාත්‍රියේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම කණ්ඩායම සඳහන් කර සිටින්නේ තමන් ආණ්ඩුවෙන් ඉවත් වුවත් ශ්‍රීලනිපයෙන් ඉවත් නොවන අතර ජනාධිපතිවරයාට සහය දෙමින් කටයුතු කරන බවය.
මේ සමඟ නියෝජ්‍ය කතානායක එස කටයුතු කළ තිලංග සුමතිපාලද එම ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇත.
අපේ බෙදීමක් තියනවා - ඩිලාන්
එසේම 16 කණ්ඩායම මාධ්‍යවෙත අදාළ ප්‍රකාශය නිකුත් කළ අවස්ථාවේ ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කර සිටියේ ශ්‍රීලනිපයේ බෙදීමක් ඇති බවත් ආණ්ඩුව සමඟ සිටීමට පාර්ශවයක් ආණ්ඩුව සමඟ සිටීමෙන් එය තහවුරු වන බවය.
තවද එම පාර්ශවය එජාපයට කඩේ යමින් අගමැතිට සහය දී සිටියත් තම උත්සාහය ශ්‍රීලනිපය තවත් පක්ෂයක මුක්කුවක් වීම නවත්වා ශක්තිමත් පක්ෂයක් බවට පත්කිරීම බවත් ඒ උත්සාහයට ජනාධිපතිවරයාගේ පූර්ණ ආශීර්වාදය හිමිවූ බවද ඔහු සඳහන් කරයි.
මේ අතර එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දීම හෘද සාක්ෂියට එකඟව ගනුලැබූ තීරණයක් බවත් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරයෙන් පසුව තීරණය කිරීමට නියමිතව ඇති බවය.