Language Switcher

V2025

තවමත් කැලෑවේ ඉන්න විජේමුනිගේ කතා මම ගණන් ගන්නේ නෑ - ඩයනා

සමගි ජන බලවෙිගයේ පසුගියදා පැවැති රැස්වීමකට එක් වෙමින් හිටපු ඇමතිවරයෙකු වූ විජිත් විජිතමුනි සොයිසා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

කාන්තා සංවිධාන ගණනාවකින් එල්ල වන චෝදනාවක් වන්නේ පාර්ලිමේන්තුවේ මේවන විට රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරණ ඩයනා ගමගේ ඇමතිවරිය අලලා සිදු කළ මේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුවහෙළා දකින බවයි.

කාන්තාවක්, ඇමතිවරියක්, සහ මවක් ලෙස ඇයට මෙ⁣සේ නින්දා කිරීම දේශපාලන පක්ෂ භේදයකින් තොරව හෙලා දැකිය යුතු බව අදාල කාන්තා සංවිධානවල ඉල්ලීම වේ.

මේ සම්බන්ධයෙන විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඩයනා ගමගේ ඇමතිවරිය සදහන් කොට සිටියේ විජිත් විජිතමුනි සොයිසා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට තමාගේ කාලය වැය නොකරන නමුත් තමන් විසින් ඉදිරිපත් කොට ඇති රටේ අභිවෘද්ධියට අදාල ආර්ථික සැලසුම් වන ගත මානසිකත්වයෙන් යුතු විජිත මුනිසොයිසාට නොතෙරීම සම්බන්ධයෙන් තමා පුදුමයට පත් නොවන බවයි.

එසේම කැලයක ජීවත් වන සොයිසාට ඇත්තේ කැලය සම්බන්ධයෙන් වන මානසිකත්වයක් බැවින් ඔහුගේ ප්‍රකාශයෙන් ඒ බව මනාව පැහැදිලි වන බවයි.

මම මවක් ලෙස කාන්තාවන්ට ගරු කරන බැවින් විජිතමුණි සොයිසාට තමාගේ මව සම්බන්ධයෙන් ආදරයක් ගෞරවයක් නොමැති බව මෙමගින් පෙන්නුම් කරන අතර ඇය වනයේ සතා සිපාවා ලග වාසය කිරීමක් බදු ප්‍රකාශයක් සිදු කිරීම තම මව ගැන සිතන පුතෙකුට කිසිදු ලෙස සිදු කළ නොහැකි ප්‍රකාශයකි.

ඔබ ඔබගේ මවට ගරු කරන්නේ නම් තවත් මවකට හෝ කාන්තාවකට වනයේ සතුන් සමග වෙසීම සම්බන්ධයෙන් කතා නොකියනු ඇත. කනගාටුවට කරුණ වන්නේ කැළයේ මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකු කැලයෙන් තොරව රටක පාලනය සම්බන්ධයෙන් දන්නා කරුණු මොනවාද යන්න මොවුන් වැන්නවුන් පාර්ලිමේන්තුවට යාමට බලයදුන් ජනතාව නොදැන සීටීමය. එම නිසා වන ගත සතුන්ට පිළිතුරු සැපයීම තමන්ගේ කාර්යය භාරය නොවන බවත් සදහන් කර සිටින ඇය, වැඩිදුරටත් සදහන් කොට සිටියේ සමගි ජන බලවේගය පක්ෂය තමන්ගේ බවත් එය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ප්‍රදානය කොට සිටියේ එය බලු කූඩුවක් බවට පත් කොට බල්ලන් ඇති කිරීමට නොවන බැවින් එයට බල්ලන් දමා ගත්තා නම් ඔවුන් බැඳ තබා ගැනීමෙි වගකීම ඔහු විසින් දැරිය යුතු බවත්ය. අප්පච්චිලාගේ මරණයෙන් පසු ඔහු ලං කරගත් බාප්පොච්චිගේද මළගම සනිටුහන් කරන්නේ සොයිසලා වැනි පුද්ගලයින් බැවින් එයින් පරිස්සම් වන ලෙසද තමන් ඉල්ලා සිටින බවත් සදහන් කොට සිටින්නීය..

කෙසේ නමුත් බලයට කෑදරකමින් කටට එන ඕනෑම දෙයක් කියා උඩුබිරුම් ලන පුද්ගලයන්ගේ කතා අසා කඳු පාත් නොකළ හැකි බව සදහන් කරන ඇය..සොයිසා විසින් සිදුකළ පුකාශයන් සමස්ත කාන්තාවන්ට සිදුකල අපහාසයක් බවත් ඇය සදහන් කොට සිටින්නීය..