අකිල අරගලය අලුත් කරයි !

 අකිල අරගලය අලුත් කරයි !

දැන් ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව කළ යුතු අරගලය වන්නේ මිනිසුන් ජීවත් කිරීමට උත්සාහ කිරීමේ අරගලය බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

එම අරගලය නොමැතිව රටේ ජනතාව මෙන්ම රටේ ඉදිරි ගමන අමාරුවේ දමන අරගලයක් නම් නැවත කර රටට ප්‍රයෝජනයක් නැති බවත් ඔහු පැවසීය .

මේ රටේ ජනතාව බුද්ධිමත්ව තීරණාත්මකව සිතා බලා කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවද අකිල විරාජ් කාරියවසම් පැවසීය.

ජනතාවට පාරට බැස අරගල කළේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදු කිරීම්, බඩු මිල ඉහළ යාම වැනි කාරණා හේතු නිසා බව කී ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒ සියලු දේ යථා තත්ත්වයට පත් කරමින් සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන බවද පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න