ගීතා සැප අතෑරලා !

ගීතා සැප අතෑරලා !

අලුතින් පත්කරපු රාජ්‍ය ඇමතිලා හුඟදෙනෙක් ඉන්නේ ලොකු කළකිරීමක..

මොකද, කැබිනට් ඇමතිලා තමන්ගේ විෂයට අදාල රාජ්‍ය ඇමතිවරුන්ට නිසි බලතල වගකීම් , ආයතන පවරලා නැති නිසා ..

රමේෂ් පතිරණ වගේ ඇමතිවරු කීප දෙනෙක් නම් , ගැසට් කරලම තමන් යටතේ ඉන්න රාජ්‍ය ඇමතිලට, වගකීම් පවරලා තිබුනා. ඒත් කැබිනට් ඇමතිලා හුඟදෙනෙක් කර ඇරලයි ඉන්නේ..

ඩයනා ගමගේ වගේ , රාජ්‍ය ඇමතිවරු ඕකට එළිපිටම ගේම ඉල්ලලා තිබුනා. ඩයනා කියල තිබුනේ, තමන්ට ආයතන පවරලා ගැසට් එක ගැහුවේ නැත්තන්, රාජ්‍ය ඇමතිකමෙන් අස්වෙනවා කියල..

ඩයනා එහෙම කියනකොට ගීතා කියන්නේ අමුතු කතාවක්.. රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් තමන්ට හිමි නිල නිවස, වාහන ඇතුළු අනෙකුත් සියලු දීමනා ලබා නොගෙන ආපසු භාරදෙන්න, කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ තීරණේ කරලා.

රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් ඇයට සුඛෝපභෝගී වාහන 5ක් ලැබිලා තිබුනා. රාජකාරි කටයුතු සඳහා එක් වාහනයක් පමණක් ලබාගෙන, අනෙක් වාහන 4 ආපසු භාර දීමට ඇය පියවර ගෙන තියනවා.

“රාජ්‍ය ඇමැති ධුරය සඳහා මට නිල නිවසක්, වාහන 5 ක්, දුරකථන බිල්පත් ඇතුළු තවත් දීමනා රාශියක් අනුමත කර තිබෙනවා. රටේ මිනිස්සු වේලක් කන්න නැතිව දුක් විඳින මොහොතක, අපි අනවශ්‍ය වියදම් කපාහැරලා මේ තත්ත්වයෙන් මිදෙන්න රජයට සහාය වෙන්න ඕනේ.

මට මගේ නිවස තිබෙනවා. මගේ වාහන තිබෙනවා. ඒ වගේ ම මම වෙනදා විදිහට ටෙලිෆෝන් බිල් වගේම අනෙකුත් වියදම් කර ගන්නවා. මම ගන්නේ රුපියල් 54,000 ක මන්ත්‍රී වැටුප පමණයි.

රට වැටිලා තියෙන වෙලාවේ රාජ්‍ය දේපළ මේ විදිහට නාස්ති කරන එක බරපතළ අපරාධයක්. මම අනෙක් සහෝදර මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ අනවශ්‍ය වියදම් අඩු කරලා රට ගොඩගන්න උදව් කරන්න කියලා.

මේක මම කරන්නේ , කාගෙන්වත් ලකුණු දාගන්නවත්, හොඳ නම ගන්නවත් නෙවෙයි. මම මේ කැපකිරීම් කරන්නේ හදවතින්මයි. අපි දේශපාලනඥයන්ට වගේම, නිලධාරීන්ටත් ආදර්ශවත් වෙන්න ඕනෑ.” ගීතා කියල තියන්නේ එහෙම.

ලකුණු දාගන්න අදහසින් කිවත් නොකීවත්, ගීතා ඇත්තටම එහෙම දෙයක් කරනවා නන් එක අගයකරන්න වටිනා වැඩක්..

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න