ඇමති විජේදාසට : පරණේගෙන් ප්‍රශ්නයක් ?

ඇමති විජේදාසට : පරණේගෙන් ප්‍රශ්නයක් ?

බොහෝ බාධක මැද්දේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සහාය දුන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහි පැසසුම් ලැබීමටත් පෙරම තම අභිමානය කෙලෙසාගෙන ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන පවසයි.

රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ගෙන්, දේශපාලඥයන්ගෙන් මුදල් ගසා කෑ තිළිණි ප්‍රියමාලි වෙත නීතියෙන් උපරිම දඬුවම් ලබදීමට කටයුතු කරනවා වෙනුවට අධිකරණ අමාත්‍යවරයා තම චෙම්බරය හරහා තිළිණි ප්‍රියමාලිට නිදහස් වීම සඳහා නීති සහාය ලබාදීමත් එය හෙළිකරන ලද මාධ්‍යවේදියාට දඬුවම් පැමිණ වීමට කටයුතු කරමින් සිටීමත් හොළා දකින බව පරණවිතාන සිය සමාජ ජාල ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ.

ඒ අනුව විජේදාස රාජපක්ෂ විසින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවුණ බව පවසා 'ද මෝර්නිං' පුවත්පතට හා මාධ්‍යවේදියාට දඬුවම් පමුණුවන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීම පිළිබඳව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන සඳහන් කොට තිබුණේ මෙලෙසය.

"පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය මිස අධිකරණය නොවේ. නීතිය අනුව නඩු අසා දඬුවම් දීමේ බලය ඇත්තේ අධිකරණයට මිස ව්‍යවස්ථාදායකයට නොවේ. විජේදාස රාජපක්ෂ යෝජනා කරන්නේ නඩු අසා දඬුවම් පැමිණවීමට අධිකරණය සතු ඇති බලය පාර්ලිමේන්තුව විසින් යළි පැහැර ගත යුතු බවය. මෙය ස්වාභාවික යුක්තියේ වැදගත් මූල ධර්මයකට පයින් ගැසීමකි. එසේම මෙයට ඉඩ දුනහොත් යුක්තිය උල්ලංඝනය වීම මෙතැනින් නතර වන්නේද නැත.එහෙයින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාවට අප එක හඬින් එරෙහි විය යුතුය."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න