නවක වදයට එරෙහිව දැඩි තීන්දු ගන්න ඕන - ඇමති නිමල්

නවක වදයට එරෙහිව දැඩි තීන්දු ගන්න ඕන - ඇමති නිමල්

නවක වධයට එරෙහිව ඉදිරියේ දී දැඩි තීන්දු තීරණ ගැනීමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මානසික ව්‍යාකුලත්වය හේතුවෙන් සිදුකරන පීඩාකාරි නවක වදයට එරෙහිව විශ්වවිද්‍යාල අචාර්යයවරුන් ප්‍රකාශ නිකුත් කිරීම සාධනීය තත්ත්වයක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්ය.

එහිදී ඔහු වැඩිදුරත් මෙසේද පැවසීය.

"විශ්වවිද්‍යාලයට යන්න කැමැත්තක් දක්වන්නේ නෑ සමහරු නවක වධය නිසා. මම 1960 ඉදන්ම නවක වධයට එරෙහිව සටන් කළා. අපේ රජය තුළ පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා. මේ දරුවන් අධෛර්මයත් කරන නවක වධය කියන්නේ මානසික රෝගයක්. ඒ මානසික රෝගීන් ටික අල්ලලා අපි මානසික රෝහලකට යවන්න ඕනේ. ඒ වගේම නවක වධය ගැන මීට වඩා දැඩි පියවර ගන්න ඕනේ. මම සතුටු වෙනවා දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට ඇවිත් මේ ගැන කතා කරනවා. ඉස්සර විශ්වවිද්‍යාල ආචාර්යවරුත් බයයි. දේශපාලනඥයිනුත් බයයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න