කැසිනෝ බදු ඉහළට.......

කැසිනෝ බදු ඉහළට.......

ඔට්ටු සහ සූදු සඳහා වන බදු තවත් ඉහළ නැංවීම සඳහා ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

කැසිනෝ ශාලාවක් සඳහා තිබූ රුපියල් කෝටි 20ක් වූ වාර්ෂික බදු මුදල පසුගිය අගෝස්තු 01 වැනිදා සිට රුපියල් කෝටි 50 දක්වා සියයට 150කින් ඉහළ නංවා ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ඊට අමතරව කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීම නව සංශෝධන මගින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද සියඹලාපිටිය කීවේය.

වෙනත් ඔට්ටු හා සූදු සඳහා වන බදු ද වැඩි කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීම, පිරිවැටුම මත අය කෙරෙන සියයට 10ක බද්ද අවම වශයෙන් සියයට 15 දක්වා වැඩි කිරීම, ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් ලක්‍ෂ 40 සිට අවම වශයෙන් රුපියල් ලක්‍ෂ 50ක් දක්වා වැඩි කිරීම, සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000 සිට රුපියල් 75,000 දක්වා වැඩි කිරීම ආදී සංශෝධන මේ යටතේ ගෙනඒමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න