තිළිණි වංචා කළ මුදල් තෙවැනි පාර්ශ්වයක් අතේ : විමර්ශන අලුත් මගක !

තිළිණි වංචා කළ මුදල් තෙවැනි පාර්ශ්වයක් අතේ : විමර්ශන අලුත් මගක !

පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි පියමාලි නැමැත්තිය කොටුව ඉදිකරමින් පවතින සුඛෝප භෝගී මහල් නිවාස සංකීර්ණයක් වන ක්‍රිස් බිල්ඩිමේ නිවාස ලබා දෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංරංචි මාර්ග පවසයි.

මහල් 80කින් සමන්විත කුළුලු දෙකකින් යුත් එම ගොඩනැගිල්ලෙහි මේ වන විට එක් කුළුනක ඉදිකිරීම් සිදුවෙමින් ඇත.

එම ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාල සමාගමේ කාර්යාලයක් එම ගොඩනැගිල්ල පාමුල පිහිටි ගොඩනැගිල්ලක පිහිටා තිබේ.

සැකකාරිය තවත් කිහිප දෙනකු සමග එක්ව එහි කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද ආරංචි මාර්ග පවසයි.

සැකකාරිය ,හමුවට මෙම කාර්යලයට පැමිණි පුද්ගලයන්, සැකකාරිය සමග එම කාර්යාලයේ සිටි පිරිස, කුමණ ගනුදෙනුකරුවන් එහි පැමිණ සිටියේද යන්න හෙළි කර ගැනීම සදහා එම ගොඩනැගිල්ලේ වසරක පමණ සී සී ටී වී කැමරා දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගෙන ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකාරියට මෙරට සහ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මුදල් ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී ඇත.

ඇය විසින් මෙසේ වංචා සහගතව රැස් කළ මුදල් වලට මේ වන විට සිදුවූ දෙයක් අනාවරණය වී නැත. බොහෝ විට එම මුදල් යම් තුන්වැනි පාර්ශවයක් සතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න