Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ප්‍රියමාලි නිසා ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු CID යට ?

කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෙම නිළියන් සමඟ පැවැති සබඳතා හෙළි වී ඇත.

මෙම මූල්‍ය සමාගමට මුදල් ආයෝජනය කළ කෝටිපති පුද්ගලයන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවල දී ඇය ඔවුනට මෙම නිළියන් සම්බන්ධ කර ඇතැයිද හෙලි ව තිබෙන බවත් වාර්තා වෙයි .

එහිදී අදාළ කෝටිපතියන් සමග රංගන ශිල්පිනියන් සිදුකරන සංවාද පටිගත කර ඒවා ව්‍යාපාරිකයන්ට පෙන්වා ඔවුන් බිය පත් කර තිබේ.

ඒ සඳහා ආ රංගන ශිල්පිනියකට එක් අවස්ථාවක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ගෙවා තිබෙන බවත් අනාවරණය වී ඇති බවත් වාර්තා වෙයි .

අදාල සංවාද හඬපට ව මේ වන විට රහස් පොලිසිය භාරයේ ඇති බවත් දැනගන්නට ඇත .