ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වන ලෙස 22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වගන්තියට එකඟවීමට නොහැකි බව පොදුජන පෙරමුණ විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දැනුවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් මේ බව දන්වා ඇති බවත් වාර්තා වෙයි .
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ තම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත්කර තිබෙන්නේ ද්විත්ව පුරවැසියකු බවත් ඔහු එම ධුරයට පත් කරන ලද්දේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුකූලව බවය.
22 සංශෝධනය ගෙනවිත් ද්විත්ව පුරවැසි බව සහිත අයට පාර්ලිමේන්තුවට ඒමට නොහැකි කළහොත් එය පක්ෂයේ ප්‍රතිපත්තිවලට කරන අගෞරවයක් නිසා එම කොන්දේසියට එකඟ වීමට බැරි බව එම මන්ත්‍රීවරුන් වැඩිදුරටත් අධිකරණ අමාත්‍යවරයාට පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි .
කෙසේ වුවත් මේ වන විට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට ඊයේ (7) තීරණය කර කෙරිණ .
ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
