එළඹෙන අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර එකඟතාවක් පැවති නමුත් මේ වන විට එය දින නියමයක් නොමැතිව කල්යාමේ පසුබිමක් ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට තවදුරටත් ආණ්ඩුවේ සිට අමාත්‍යධුර දරනවාද? නැතිනම් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ සිටිනවාද යන්න සම්බන්ධව ශ්‍රීලනිපයේ මත දෙකක් පැවතීමත්, එසේම ජනාධිපතිවරයා අප්‍රේල් 15න් පසුව පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුවට සහභාගීවීමත් හේතුවෙන් මෙසේ කැබිනට් සංශෝධනය කල්යාමට මුලික වී ඇත.
කෙසේ නමුත් මෙතෙක් ඒ බව එජාපය වෙත දන්වා නොමැති අතර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ සතිය තුළ පැවැත්වෙන ශ්‍රීලනිප දෙවැනි විශේෂ මධ්‍යම කාරකසභා හමුවෙන් පසුව අදාළ තීරණය සම්බන්ධව එජාපය දැනුවත් කිරීමට නියමිත බවය.
ජනාධිපති ව්‍යාජ රංගනයක : තීන්දුව දැනටමත් අරගෙන
මේ සම්බන්ධව අප කළ විමසුමකදී සිවිල් සමාජ ක්‍රියාකාරීයෙකු සඳහන් කර සිටියේ මෛත්‍රී ජනාධිපතිවරයා ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරයා බවට පත්වීමට අවශ්‍ය සුදුසුකම් සැපරීම මිස වෙනත් කිසිවක් මේ සමයේ සිදුනොවන බවය.
2015 ජනවරම තමන්ට පෞද්ගලිකව ලැබුණු භුදලයක් ලෙස සළකමින් මේ වන විට කටයුතු කරන්නේ ඒ නිසා බවත් ඒ හැරෙන්නට අප අප බොරුවට රවටා ගන්නට විවිධ පුවත් කෙරෙහී සංවේදී වුවත් පසුගිය අප්‍රේල් 4 වන විටත් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ සහ තම ආණ්ඩුවේ පරාජය මතුරමින් සිටිබව නොදන්නෙක් නොමති බවද ඔහු පැවසීය.
ජනාධිපති දැනටත් යහපාලන කඳවුරේ නෑ
එහෙයින් මේ වන විට ජනාධිපතිවරයා සම්මුති ආණ්ඩුවට අවසන් ඇණය ගසමින් යහපාලන න්‍යාය පත්‍රය වසා ඇති බවත් මේ වන විට ඔහු සිය සියළු කල් මැරීම් සිදුකර තක්සේරු කරමින් සිටින්නේ රාජපක්ෂවරුන් ඉදිරියේදී තමන්ට කොතරම් අවංකවේද යන්න සම්බන්ධව පමණක් බවද ඔහු පැවසීය.

