ජෝන්ලා 6ට අද කැබිනට් හමුව තහනම් : එජාප කණ්ඩායම දැඩි ස්ථාවරයක

ජෝන්ලා 6ට අද කැබිනට් හමුව තහනම් : එජාප කණ්ඩායම දැඩි ස්ථාවරයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කළ කැබිනට් සාමාජිකයන් 6න් කිසිවෙකුට අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුව සඳහා සහභාගීවීමට ඉඩ නොදීමට එජාපය ඒකමතික තීරණයක් ගෙන ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයාද මේ සම්බන්ධව දැඩි තීන්දුවක සිටියි.

මේ සම්බන්ධව දිගින් දිගටම එජාපෙ තුළ සාකච්ඡා සිදුව ඇති අතර එහිදී බහුතරයක අදහස වී ඇත්තේ මේ මොහොතේ ඉතාම පහත් ආකාරයට පාර්ලිම්න්තු සම්ප්‍රදාය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසෙමින් තිබෙන බවත් කිසිම හේතුවක් මත මේ සීමාවෙන් අඩියක් පසුපසට නොගැනීමට එජාප කණ්ඩායම පොදු එකඟතාවයක සිටිය යුතු බවත්ය.

විගඩම්වලට තවත් ඉඩ දෙන්න බෑ !

මේ සම්බන්ධව අප හමුවේ අදහස් දැක්වූ එජාප කැබිනට් අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සිය සීමාව ඉක්මවා කිසිවෙකුටවත් පාලනය කරගත නොහැකි කළාපයක් වෙත අවතීර්ණ වෙමින් සිටින බවය. එසේම තම පාර්ශවය ඉල්ලා සිටින කාරණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ එම තීන්දුව හකුළා ගැනීම වැරදි පුර්වාදර්ශයක් බැවින් එජාප නිල ස්ථාවරය වෙනස් නොකිරීමට තමන් තීන්දු කළ බවද ඔහු පැවසීය.

"අපි නරක දෙයක් කරලා නෑ. ඉතා සත්භාවයෙන් දිගටම කටයුතු කළා. හැකි උපරිමයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කරවූවා පමණක් නොවෙයි, ඔහුව අපි ආරක්ෂා කළා. හීනියට සම්මුතිය කඩන්න ඔහු කටයුතු කරද්දී අපි නිහඬව හිටියා. අගමැතිටත් නොදන්වා ඇමතිකම් දෙනවිටත් අපි නිහඬව හිටියා. ඒත් මේ මොන හිඟන වැඩක්ද කරන්න යන්නේ. මේකට ඉඩ දෙන්න බෑ. ආණ්ඩුවට විරුද්ධ පිරිසක් එක්ක ආණ්ඩු කරන්න, බෑ."එම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න