ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභා රැස්වීමේදී තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධව තීරණයක් ගන්නා බවට ප්‍රකාශව තිබු නමුත් අද (09) රාත්‍රියේ පැය 3ක පමණ කාලයක් පැවති එම හමුව කිසිඳු තීරණයක් ගතනොහැකිව අවසන් වූ බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට එහිදී පොදු එකඟතාවකට පැමිණ තිබෙන්නේ හෙට පැවැත්වෙන කැබිනට් හමුව සියළුම ශ්‍රීලනිප අමාත්‍යවරුන් වර්ජනය කිරීමටය. ඒ මේ සතියේ ඉදිරි දිනක නැවත හමුවී ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධව තීන්දුවක් ගැනීට කාලය ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙනි.
චන්ද්‍රිකා මැතිණිය මීට හොඳට පක්ෂය මෙහෙයවූවා !
මේ අතර එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ ආකාරයට පොදු තීන්දු කිසිවක් ගත නොහැකි ආකාරයට පක්ෂය දුර්වලවූ අවස්ථාවක් ඉතිහාසයේ නොතිබූ බවය. විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පක්ෂ පාලන සමයේ පවා පක්ෂයෙන් කොටසක් ඉවත්ව ගොස් පාලන බලය පවා අහිමිවූ පසුබිමක ඇය පෙරළා පක්ෂය මෙහෙයවා ආණ්ඩු බලය අත්පත් කරබවත් ඊට සාපේක්ෂව වත්මන් ජනාධිපති දක්ෂ නොවන බවට මතයක් දැන් ශ්‍රීලනිපය තුළ මුල්බැස ඇති බවද එම ආරංචිමාර්ග අවධාරණය කරයි.
එසේම අද පැවති මධ්‍යම කාරකසභා හමුවේදී අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂවූ 16 නියෝජිතයන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සහ අමාත්‍යකම් අත්හැරීමට යෝජනා කල බවත් එහෙත් ඊට පක්ෂය තුළ බහුතර සහය නොලැබුණ තත්ත්වය හමුවේ ඒ ගැන තීන්දුව කල්තැබූ බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

