ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ජාතික සභාව යටතේ සාමාජිකයන් පත් කරන ලද ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (07) පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය.
මසක් ඇතුලත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙල හඳුන්වා දීම අනු කමිටුවේ අරමුණ වී තිබේ.
රණවක මන්ත්‍රීවරයා ගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වන අතර, යෝජනාව ස්ථිර කරන ලද්දේ නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි.
– media unit
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
