ජනාධිපතිගේ ප්‍රතිචාරයෙන් : මරික්කාර් හරහා වැටෙයි (video)

ජනාධිපතිගේ ප්‍රතිචාරයෙන් : මරික්කාර් හරහා වැටෙයි (video)

කරුණු හරිහැටි අනාවරණය කර නොගෙන සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අද (04) පාර්ලිමේන්තුවේදී දැඩි අපහසුතාවකට පත්විය.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී එක්ව දිවා ආහාරය ගෙන ඇති බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් නැගී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය.

"මගේ නම සඳහන් කළා. මං අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා එක්ක සිංගප්පූරුවේ දී දවල් කෑම ගත්තා යැයි කිව්වා. උදේ වරුවේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමතිතුමා එක්ක උදේ කෑම ගත්තා. දවල් කෑම ගත්තේ සිංගප්පූරු එයාර් ලයින් එකේදි. මොකද මං දවල් 1.00ට යන්න තිබුනේ. ඒ වෙලාවේ ගුවන් යානයට නැග්ගම කෑම ගත්තා.ඕ න නම් මම මෙනු එකත් ගෙනත් පෙන්නන්නම්. මොනවද එදා කෑවෙ කියලා.

මරික්කාර් මන්ත්‍රීතුමා මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කිරීම ගැන මම කනගාටු වෙනවා. අනෙක් අතට මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා දැන් මැද පන්තිය එකතුවෙලා අරගලයට එන බව. විශාල අර්බුදයක් තියෙනවා , අරගලයක් එනවා කියලා එතුමා කිව්වා.මේක මීට ඉස්සෙල්ලා කිව්වේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය. මං දැන් කැමතියි දෙදෙනාම එකම ප්‍රකාශයක් කරන එක ගැන. මම ඒකට එකඟ වන්නේ නැහැ. නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ අඩි පාරේ මරික්කාර් මන්ත්‍රීතුමා දැන් යන බව අපට පේනවා."

මෙහිදී දැඩි අපහසුතාවකට පත්වූ මරික්කාර් මන්ත්‍රීවරයා පවසා සිටියේ, තමන් මේ ගැන දැනගත්තේ මාධ්‍යයෙන් බවයි. එසේම තමන් කිසිමදාක හිරුනිකා ගේ අඩි පාරේ නොයන බවත් ඔහු පැවසීය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, හිරුනිකා ගේ අඩි පාරේ නොයනවා නම් , දැන් ඇත්තේ තමන් සමඟ එකතුවී කටයුතු කිරීම බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න