මහනුවරටත් සති අග සුඛෝපභෝගි දුම්රියක් !

මහනුවරටත් සති අග සුඛෝපභෝගි දුම්රියක් !

කොළඹ කොටුව සිට මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් පළවෙනිදා (1) සිට ධාවනය වන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි .

කලින් ආසන වෙන්කිරීමට හැකියාව ඇති මෙම සුඛෝපභෝගී දුම්රිය අඛණ්ඩව මහ නුවර වෙත සෑම සතිඅන්තයකදීම ධාවනය වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරිම” යන මැයෙන් අද (29)පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පෙරවරු 6.30 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9. 18 ට මහනුවරට ළඟා වන අතර නැවත මහුනුවරින් සවස 4.50 ට පිටත් වී රාත්‍රී 7.40 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.

මහනුවර දක්වා එක් ගමන්වාරයකදී පළමු පන්තියේ ආසනයකට රුපියල් 2000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1500 කටත් මිලදී ගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.

ඉදිරියේ දී අනුරාධපුරයටද සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවත්, අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න