Language Switcher

V2025

විදුලි කප්පාදු කාලය දීර්ඝ වෙයි

 නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ.

ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.

එසේ හෙයින් අද (27) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

හෙට (28) සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බව එහි සභාපතිවරයා පැවසුවේය.