කැනඩා මහකොමසාරිස් සහ ඇමති ටිරාන් අතර හමුවක් !

කැනඩා මහකොමසාරිස් සහ  ඇමති ටිරාන් අතර හමුවක් !

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමුවක් අද (26 දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.

 ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ගැන එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් මිදී හැකි ඉක්මනින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම කැනඩාවේ අපේක්ෂාව වන බව කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් එහිදී සඳහන් කර ඇත.

මෙහිදී රට තුල පවතින වත්මන් තත්වය ගැනත් දේශපාලනික වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කෙරුණු බවත් වාර්තා වෙයි .

තවද ඩේවිඩ් මැකිනන් මහකොමසාරිස්වරයා මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැනද මෙහිදී අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න