විදේශ අමාත්‍ය අලිසබ්‍රි : එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතලා !

විදේශ අමාත්‍ය අලිසබ්‍රි : එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතලා !

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් විදේශ අමාත්‍ය අලිසබ්‍රි අද (25) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා ඇත. කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා වාරය සැප්තැම්බර් 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඊට සහභාගිවීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටින විදේශ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිත කණ්ඩායම් නායකයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා වෙයි .

ඒ අනුව විදේශ අමාත්‍ය අලිසබ්‍රි අමෙරිකානු ජනාධිපතිවරයා පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජිල් බයිඩ්න් හමුව තිබේ .

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති ආකාරයට , අමාත්‍ය අලි සබ්රි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්, වික්ටෝරියා නූලන්ඩ් ද හමුවී සාකච්ඡා කර ඇත .

සෝමාලියාවේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය, අබ්සීර් ඕමාර් ජාමා, නැමීබියාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය, ජෙනලි මාතුණ්ඩු, උස්බෙකිස්තානයේ විදේශ අමාත්‍ය ව්ලැඩිමීර් නොරොව්, සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් සහ ආර්මේනියාවේ විදේශ අමාත්‍ය අරත් මිර්සෝයාන් සමග ද විදේශ අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවත් එහි සඳහන් ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න