පසුගිය සතියේ රාජ්‍ය ඇමතිවරුන් ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් අයගෙන් පිරිසක් වෙනුවෙන් ජනාධිපතිගේ සොහොයුරෙකුගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.
සියලු රසමුසුවලින් පිරී තිබුණු සාදයට ඇඟ රත්වෙන දියරවලින් අඩුවක් තිබුණේ ද නැත.
සාදයට සහභාගි වූ ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පදමට ‘ආතල්’ ගනිමින් චූන් වෙවී සිටියදී රත්වන දියර පදමට පාලනය කර ගන්නට නොහැකි වූ රාජ්‍ය ඇමතිවරයෙකු ඔහුගේ ගිනිඅවිය එළියට ගෙන අහසට වෙඩිල්ලක් තිබ්බේ ය.
වෙඩිල්ල තිබ්බේ නිවස තුළ ම බැවින් එය වහලයේ වැදී සීලිමේ කොටසක් කඩාවැටී සාදයට ඇරැයුම් ලැබ පැමණි සිටි අයෙකුගේ ඔළුවට කඩා වැටී තුවාල සිදුවිය.
ඒ පුද්ගලයා දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරයෙකු නොව ජනාධිපති සොහොයුරාගේ සමීපතම මිතුරෙකි.
සොහොයුරා කඩිමුඩියේ මිතුරා ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කළේ ය.
පදම වැඩිවන විට මොළය වැඩෙන්නේ නැත.
-Mawbima
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
