නෙළුම් කුළුණ ජනතාවට විවෘතයි !

නෙළුම් කුළුණ ජනතාවට විවෘතයි !

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද(15) සිට ජනතාවට විවෘත කර ඇත.

මෙම විවෘත කිරීම සිදුකර ඇත්තේ නෙළුම් කුළුණ පළමු අදියර ලෙස වන අතර දෙවන අදියර ඉදිරි මාස දෙක තුළත්, තුන්වන අදියර ලබන වසරේ මාර්තු මාසය වනවිටත් විවෘත කිරීමට කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සැලසුම් කර ඇත.

වර්ග මීටර් 30,600 ක් වූ වපසරියක ඉදිකර ඇති නෙළුම් කුළුණේ උස මීටර් 350 කි.

කුළුණේ පාදම කොටස මහල් තුනකින් සමන්විත අතර එම කොටසේ ඩිජිටල් සිනමා ශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක්, බැංකු හා ව්‍යාපාර ආයතන සදහා කාර්යාල පහසුකම් සපයා තිබේ.

තුන්වන මහලේ පිහිටි එළිමහන් පරිශ්‍රය වෙන් කර ඇත්තේ, විවිධ අංග සඳහා ය.

කුළුණේ පොහොට්ටුව සහිත කොටස මහල් 7 කින් සමන්විත අතර ගුවන් විදුලි කටයුතු හා රූපවාහිනි කටයුතු සඳහා එහි පළමු හා දෙවැනි මහල් වෙන්කර තිබේ.

තුන්වන හා හතරවන මහල් උත්සව ශාලා දෙකකින් සමන්විත අතර කැරකෙන අවන්හල පිහිටා ඇත්තේ පස්වන මහළේ ය.

6 වන මහලේ සුඛෝපභෝගී කාමර 6 ක් ඉදිකර ඇති අතර හත්වන මහල වෙන් වන්නේ , නැරඹුම් පරිශ්‍රය සඳහායි.

ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණෙන අයෙකුට විනාඩි 30 ක් මේ කොටසේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන අතර එහි සිට සීගිරිය, ශ්‍රී පාදස්ථානය, නකල්ස් කඳුවැටිය ඇතුළු ස්ථාන රැසක් නැරඹිය හැකි ය.

නෙළුම් කුළුණ ඉදිකිරීම පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකර සිටියේ රට තවදුරටත් ණය බරෙහි ගිල්ලවූ තවත් "සුදු අලි" ව්‍යාපෘතියක් ලෙසය. එහෙත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ, වැරදි අවස්ථාවක ගනුලැබූ වැරදි තීන්දුවක් වුවත් දැන් එය ආර්ථිකයට කිසියම් හෝ ප්‍රතිලාභයක් උපයන තැනක් බවට පත්කර ගැනීම වැදගත් තීන්දුවක් බවයි.

එසේම සංචාරක ආකර්ෂණය ඊට දිනා ගැනීම අනිවාර්ය බවත්, ලංකාව සංචාරකයන් වැඩි වැඩියෙන් කැන්දන සැලසුම් සහගත ව්‍යාපෘතියක් දියත්කිරීම තුළ ලංකාව තුල වෙනස් වූ අත්දැකීම් ප්‍රමාණයක් ලැබීමට යාමේ මුලික ස්ථානයක් බවට මෙය පත්කර ගැනීමත් බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයක් බවත් ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න