ජනාධිපති රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ අපකරුවෙක් : සජිත් රට්ටු හිනස්සයි !

ජනාධිපති රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ අපකරුවෙක් : සජිත් රට්ටු හිනස්සයි !

වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජන පීඩිත ආණ්ඩුව එළවා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම පොදුජන අරගලයේ අරමුණ වුවත් අවසානයේ සිදු වූයේ රටේ ආර්ථික ඝාතකයන් වූ පිරිසට ආවඩන, ඔවුන් ආරක්ෂා කළ හැකි පුද්ගලයකු ජනාධිපති පුටුවේ අසුන් ගැනීම බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර සිටියේ සමගි ජනබලවේගයේ අම්පාර ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

රටේ ආර්ථිකය ඝාතනය කළ රාජපක්ෂවරු ඇමතිකම් බාර නොගත්තත් ඔවුන්ට හිතවත් පාර්ශ්වය විසින් ඇමතිකම් ලබා ගෙන රාජපක්ෂලාට අවශ්‍ය ලෙස රට පාලනය කරන බවත් ජනතාව අපේක්ෂා කළ වෙනස මෙය නොවන බැවින් මැතිවරණයකින් එම වෙනස සිදුවිය යුතු බවත් ඒ සඳහා සියලු දෙනාම සූදානම් බව ත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

සජිත්ට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් !

කෙසේවුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ජනතාව ආර්ථික අර්බුදයක ගිලි එයින් ගොඩ ඒමට ප්‍රයත්න දරමින් සිටින පසුබිමක විපක්ෂ නායකවරයා මැතිවරණයක් ගැන පමණක් සිහින දකිමින් සිටින බවයි.

මේ මොහොතේ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදයට විසඳුම් දීමට සම්පූර්ණ කැපවීම යොදවා ඇති පසුබිමේ විපක්ෂ නායකවරයා සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ඔහු ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීම වෙනුවෙට තමන්ගේ බල දේශපාලන න්‍යාය පත්‍රය පෙරමුණටගත් පටු දේශපාලන ව්‍යාපෘතියක නිරත වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් රටක තිබෙන ආණ්ඩුව දුර්වල වූ විට විකල්පය විය යුත්තේ ප්‍රධාන විපක්ෂය වුවත් මේ මොහොතේ විපක්ෂ නායකවරයා තමන්ට තිබුන ජනතා විශ්වාසයත් අහිමි කරගනිමින් සිටින බවත් විචාරක මතය වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ හෝ රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ අපකරුවෙක් නම් ඔහුගේ වැඩ පිළිවෙල විය යුතුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති ගෙනගිය වැඩපිළිවෙල සහ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වැඩ කටයුතු කිරීම වුවත් එවැනි තත්ත්වයක් කිසිසේත් නිරීක්ෂණය නොවන බවත් විචාරක මතයවී තිබේ. මේ වන විට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙල සමගි ජන බලවේගය පක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති බවත් එසේනම් ඔවුන්ද රාජපක්ෂවරුන්ගේ ප්‍රාණ ඇපකරුවන්ද යන ප්‍රශ්නය ඇසිය යුතු බවත් ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න