මරික්කාර් හැංගුවට වැඩක් නෑ : ප්‍රේමදාස තාත්තයි පුතයි දෙන්නෙක් !

මරික්කාර් හැංගුවට වැඩක් නෑ : ප්‍රේමදාස තාත්තයි පුතයි දෙන්නෙක් !

1970-77 සමයේ පැවැති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට දක්ෂ මැති ඇමැතිවරු කණ්ඩායමක් සිටි බව සමගි ජන බලවේගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

අද (12) පැවැති ජන හමුවක් අමතමින් එස්.එම්. මරික්කාර් මේ බව සඳහන් කළ අතර එදා සිටි රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, රොනී ද මෙල්, ගාමිණී දිසානායක වැනි දක්ෂයන් කණ්ඩායමක් සමගි ජන බලවේගය වටා අදද එකතු වී සිටින බවත්, රට යළි ගොඩනැගීමේ හැකියාව එත්තේ එම කණ්ඩායමට පමණක් බවත් පැවසීය.

මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , ප්‍රේමදාස පාලනය යටතේ ලලිත් - ගාමිණි නම් වූ දර්ශනයෙන් සහ ප්‍රයෝගිකත්වයෙන් සැබෑ දක්ෂයන්ට ප්‍රබල කැපිල්ලක් පැමිණි බවත් එහි අවසන් ප්‍රතිඵලය ලෙස එම දක්ෂයින්ට එජාපයෙන් ඉවතට යන්න සිදුවූ බවත් මරික්කාර් මන්ත්‍රීවරයා අමතක කර ඇති බවයි.

එදා දෝෂාභියෝගය අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ශූර දේශපාලනය මැදිහත්වීම නොතිබෙන්න අද වන විට ප්‍රේමදාස යුගයක් ගැන ඉතිහාසයක් නොමැති වන බවත් ඔවුන් සිහිපත් කරයි.

එහෙත් ඒ පිළිබඳ අබමල් රේණුවක කෘතඥතාවක් නොමැති සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් සිය දේශපාලනය මුළුමනින්ම වික්‍රමසිංහ නම් නායකයා විනාශ කිරීම නමැති වෛරී දේශපාලනයක නිරත වන බවත් ඒ නිසාම එජාප - සජබ ලෙස බලකඳවුරු දෙකක් ලෙස එජාපය කැබලිව ගිය බවත් ඔවුන් සිහිපත් කරයි.

දියුණු දේශපාලන දැක්මක් නොතිබුණත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ප්‍රායෝගික දේශපාලනඥයකු ලෙස නමක් තැබුවත් සජබ නායක සජිත් දැක්මක් හෝ ප්‍රායෝගිකත්වයක් නොමැති දුර්වල නායකයකු බවත් දේශපාලන විචාරකයන් පෙන්වාදෙයි. එවැනි නායකයකු යටතේ රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, රොනී ද මෙල්, ගාමිණී දිසානායක වැනි දක්ෂයන් කොපමණ ප්‍රමාණයක් සජබ තුළ සිටියා කීවත් ඔවුන්ට දේශපාලන අනාගතයක් නැති බවත් , විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාසගේ වත්මන් භූමිකාව හරහා එය හොඳටම පැහැදිළි වන බවත් විචාරක අවධාරණය වී ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න