ළහිරු ඇප මත නිදහස් !

ළහිරු ඇප මත නිදහස් !

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර ට අද (10) ඇප නියම කර තිබේ.

රුපියල් ලක්ෂ 2ක පුද්ගල ඇපයක් මත ඔහුව මුදාහැරීමට එලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් “වෙනසක තාරුණ්‍ය” සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ද ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර තිබුණි.

මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සැමරුම අවසන් වී යළි එමින් සිටියදීය .

ඒ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේය.

කෙසේවෙතත් ලහිරු වීරසේකරගේ ගෙල ප්‍රදේශය සිරකර ඇති බවට ඔහුගේ නීතීඥවරුන් චෝදනා කරන අතර ඒ හේතුවෙන් ඔහුව මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න