හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (9) උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු වෙනුවෙන් පොදුජන පෙරමුණ පක්ෂයේ වගකීම් දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත පවරා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
පසුගිය ජූලි 9 වැනි දින සිදු වූ මහජන නැගිටීම් හමුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටව යාමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේදී ගුවන්තොටුපලේ මගීන්ගෙන් සහ ආගමන විගමන අංශවලින් මතුවූ බාධාවන් හමුවේ ඔහුට නැවත හැරී යන්නට සිදු විය.
නමුත් අද උදෑසන ඇමරිකාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
