ඇමති මනූෂගෙන් රන්ජන්ට තානාපති ධූරයක් !

ඇමති මනූෂගෙන් රන්ජන්ට තානාපති ධූරයක් !

ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සදහා වන තානාපති ධූරයට පත් කර ඇත.‍

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.

"Goodwill Ambassador of Migrant Workers" ලෙසින් හඳුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරකි.

විදේශ රැකියා වල නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට පවතින දැනුම සහ හැඟීම ප්‍රයෝජනයට ගෙන ඔවුනට යම් සේවයක් කිරීම සඳහා මෙම තනතුර තනතුරු පිරිනැමූ බව මනුෂ නානායක්කාර සඳහන් කරයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මෙම තනතුර බාරගෙන විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් කැපවීමට එකඟතාව පළකර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න