ඉන්ධන ගෑස් ආහාර ඖෂධ ගෙනෙන්න : විදෙස් විනිමය තිබෙනවා !

ඉන්ධන ගෑස් ආහාර ඖෂධ ගෙනෙන්න : විදෙස් විනිමය තිබෙනවා !

රටට අවශ්‍ය ඉන්ධන ගෑස් සහ ආහාර, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර ගැනීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය පවතින බව ද මහ බැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දිනවල ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් ඇතැයිද ඔහු පවසයි. 

උද්දමනය  70% කටත් වඩා වැඩි වෙතැයි උපකල්පනය කළ ද එම තත්ත්වය අඩුවී උද්දමනය සියයට 60කට වැඩි ප්‍රමාණයක පවතින බවද මහබැංකු අධිපතිවරයා සඳහන් කරයි.

රටේ අපනයන ආදායම වැඩි වෙමින් තිබෙන බවත් ආනයන පාලනයවීම නිසා ආනයන වියදම් අඩුවී ඇති බවත් පැවසු ඔහු  මූලික අවශ්‍යතා ටික කළමනාකරණය කර ගැනීමට තරම් මේ වන විට අපට හැකියාවක් තිබෙන  බව ද බැංකු ණය ප්‍රසාරණය සෑහෙන මට්ටමක පාලනය වී ඇතැයි ද පැවැසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න