කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) පස්වරුවේ තහවුරු කළ අතර ඒ ඊයේ (08) දිනට අදාළවය.
මෙම මියගිය පුද්ගලයන් පස්දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එක පුද්ගලයෙක් වයස 30 ත් 59 ත් අතර පසුවන්නෙක් බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත .
එම පුද්ගලයන් අතර පිරිමින් හතරක් කාන්තාවන් දෙදෙනකු වන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පවසයි .
මේ අතර කොවිඩ්’ ආසාදිත රෝගීන් 214 දෙනකු අද අලුතින් හඳුනාගත් බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත .
ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 667,158 ක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
