Language Switcher

V2025

ඇමරිකානු තානාපතිනිය සහ ජනාධිපති රනිල් අතර හමුවක් !

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබේ.

හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුව ඇත .

ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය සමග සුහද කථා බහක නිරතව ඇති බව වාර්තා වෙයි .

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවත් වාර්තා වෙයි .

නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූ බවත් වාර්තා වෙයි .