එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි.
පසුගිය සමයේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මෙන්ම අර්බුදය සමනය කරන්න නම් රනිල් වික්‍රමසිංහ රටේ ඉහළ නායකත්වයට ගෙනා යුතු බව ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයෙකු ලෙස එජාප පාක්ෂිකයින් වජිර අබේවර්ධන හඳුන්වයි.
එසේම පසුගියදා පැවති ජනාධිපතිවරණය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මන්ත්‍රී ජන්ද සකස් කිරීමට සැලකිය යුතු මෙහෙයක් වජිර අබේවර්ධන ගේ කොළඹ නිවසේ සිට දියත් වූ බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
