රනිල්ගේ ගේ ගිනි තබා රට පැන්න සැකකරු ගේන්න : ජාත්‍යන්තර පොලිස් සහය ?

රනිල්ගේ ගේ ගිනි තබා රට පැන්න සැකකරු ගේන්න : ජාත්‍යන්තර පොලිස් සහය ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සැකකරුවකුව සිටින සහ මේ වන විට රටින් පිටව ගොස් සිටින හිටපු රාජ්‍ය ඇමති පුතෙකුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර පොලිසිය වෙත යොමුකර ඇත .

ඒ ඔහුට එරෙහිව අධිකරණය මගින් ලබාගත් රතු නිවේදන නියෝගයක් ද සමඟිනි.

එම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුතා රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීමට පසු දින ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවත් පසුව එහි සිට එංගලන්තය බලා ගොස් තිබෙන බවටත් තොරතුරු ලැබී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිටට මහජනතාව රැස් කිරීමට මෙම නියෝජ්‍ය අමාත්‍ය පුතා සම්බන්ධ වී ඇති බවය.

ඔහු ඒ සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී වීඩියෝවක් පවා නිකුත්කර ඇති බවත් අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වීඩියෝවද සිය විමර්ශන සඳහා සාක්ෂියක් බවට පත්කරගෙන තිබෙන බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න