මයන්තගේ ඉල්ලා අස්වීම : සජබ කැරැල්ලක් ?

මයන්තගේ ඉල්ලා අස්වීම : සජබ කැරැල්ලක් ?

සමගි තරුණ බලවේගයේ සභාපති ධු⁣රයෙන් මයන්ත දිසානායක ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීම පිළිබද ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යොමුකළ බව ඔහු පවසයි .

පක්ෂයත් සමග ඉදිරි කටයුතු කිරිම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් කරන බවත් මයන්ත දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

කැරැල්ලක් වෙන්න පුළුවන් තීන්දුවක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා ගේ මේ තීන්දුව සමගි ජනබලවේගය පක්ෂයේ දෙදරායාමක් සනිටුහන් කරන්න ඉඩ ඇති බවයි.

මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීම වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කර ඇති බවත් ඔවුන් සිහිපත් කරයි.

එසේම මතුව ඇති තත්ත්වය හමුවේ සජබ බලවේග කළමනාකරණය කරගන්නට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසමත්ව ඇති බවක් පෙන්නුම් කරන බවත් ඉදිරියට දුර්වල වන සජබ කේඩරය යළිත් එක්සත් ජාතික පක්ෂයේ කේඩරය ශක්තිමත් කිරීමේ හැකියාව ප්‍රතිකේෂ්ප කළ නොහැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි .

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න