ජනාධිපති ලේකම් : සමන් ඒකනායක

ජනාධිපති ලේකම් : සමන් ඒකනායක

මෙරට 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් ධූරය සඳහා සමන් ඒකනායක පත්කර ඇත.

අදාළ පත්වීම අද (21) රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සිදුකර ඇත .

සමන් ඒකනායක මීට පෙර එනම් 2015 - 2019 සහ පසුගිය මාස 2ක පමණ කාලය තුළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇත .

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකු වන ඔහු 30වසරක පමණ සේවා කාලය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි,නිවාස, කර්මාන්ත, විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයන්හි සේවය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්විවද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිලිබද පශ්චාත් උපාධිය ලබා ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න