ජනපති දිවුරුම්දීමට - මන්ත්‍රීවරුන්ට එපා කියා සජිත් තනියම ගිහින් : පෙරේදා අගමැතිටත් ඇඳලා !

ජනපති  දිවුරුම්දීමට  - මන්ත්‍රීවරුන්ට එපා කියා සජිත් තනියම ගිහින් : පෙරේදා අගමැතිටත් ඇඳලා !

8 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්ව දිවුරුම්දීමේ උත්සවය සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී නොවීමට යෝජනා කර පක්ෂ නායක තනිව ඊට සහභාගි වීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ විරෝධයක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

සඳහන් වන ආකාරයට අද (21) පාර්ලිමේන්තුවේදී පැවති මෙම දිවුරුම් දුන් උත්සවය සඳහා සහභාගි නොවීමේ යෝජනාවක් මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කර ඇත .

ඒ අනුව කිසිදු මන්ත්‍රීවරයකු ඊට සහභාගි නොවීමට පොදු එකඟතාවක් ලබාගෙන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට සහභාගි ව ඇත.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති ජනාධිපතිවරණය අවස්ථාවේ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 ක් අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙත ජන්දය ප්‍රකාශ කර ඇත .

ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි භීතියකින් පසුවෙන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කැඳවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය ධූර කිහිපයක් සඳහා පක්ෂයේ පිරිසක් එක්වනු ඇති බවට ලැබී ඇති තොරතුරු ද ඊට බලපා ඇති බවත් ආරංචි මාර්ග පවසයි .

පෙරේදා සජිත් අගමැතිට ඇඳලා !

මේ අතර පසුගිය (19) වනදා පැවති සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවස්ථාවේ එක් වරම සුපුරුදු හැසිරීමෙන් වෙනස්ව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විධාන නිකුත්කරමින් අග්‍රාමාත්‍ය මෙන් හැසිරුණු බවටත් මන්ත්‍රී කණ්ඩායම තුළ චෝදනා නැගී ඇති බවත් වාර්තා වෙයි .

ඉහත ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂ නායක ගේ ඒ හැසිරීම ඊට පෙර කිසිදිනෙක දැක නොතිබූ හැසිරීමක් බවයි.

වරක් විධාන ස්වරූපයෙන් මන්ත්‍රීවරුන් ඇමතූ පක්ෂ නායකයා තවත් අවස්ථාවක රවුෆ් හකීම් මන්ත්‍රීවරයා දුරකථන ඇමතුමක් ලබාගන්නට එළියට යාම ගැන ආවේගශීලී ලෙස විවේචනය කළ බවත් දැනගන්නට ඇත .

ඒ " ෆෝන් අරගෙන මේවා කරන්න බෑ. ඉස්සරහට ඔහොම වැඩ කරන්න දෙන්න බෑ" කියමිනි.

එහිදී තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය " ජනාධිපතිවරණය දිනන්නත් කලින් මේ අගමැති වෙලා මොකද ?" කියා ඇසෙන ලෙස ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වෙයි .

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡා අවස්ථා වලදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත දැඩි විවේචන එල්ල කළ අවස්ථා වලදී ඔහුවත් මේ ආකාරයට හැසිරී නැති බවත් මන්ත්‍රී කණ්ඩායමේ ඇතමුන් අදහස් හුවමාරු කරගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න