චෝදනා වැලක් සමග හිටපු ජනාධිපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් !

චෝදනා වැලක් සමග හිටපු ජනාධිපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් වරදක් කර ඇති බව දක්වමින් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වෙත මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධායක සභිකයකු ද වන මොන්ටේගු සරච්චන්ද්‍ර යන අය විසිනි.

මෙකී පැමිණිල්ලට අදාළ සිදුවීම වන්නේ කුප්‍රකට රෝයල් පාක් ඝාතනයට වරදකරුව මරණ දඬුවම නියමව සිටි තැනැත්තා හට ජනාධිපති සමාව ලබාදීම ආශ්‍රිත ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් පසුගිය දිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විද්‍යුත් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී දැක්වූ කරුණු ප්‍රමාණයක් ය.

අදාළ පැමිණිල්ලේ මෙසේ සඳහන් වෙයි.

මෙම සිරකරු නිදහස් කිරීමට අදාළව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දැඩි ලෙස උනන්දු වූ බව පැවසු ඔහු එකී වැඩසටහන ඉදිරිපත් කරන්නා විසින් ඔහුට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසුවේ එසේ උනන්දු වූ අයවළුන් විසින් එකී අල්ලස් මුදල ලබාගත්තා විය හැකි බවය.

මෙම තොරතුරු පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තමන් දැනුම් දුන් බවත් ඔවුන්ද ඒ පිළිබඳව සොයා බලා ඇති බවත් ඔහු පැවසීය.එහිදී අදාළ සිරකරුගේ පවුලේ අය විසින් ඒ වෙනුවෙන් කාට හෝ විශාල මුදලක් ලබා දී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිදරවු කරගෙන ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය.

කිසිවකු විසින් අල්ලස් ලබාගැනීමක් හෝ අල්ලස් දීමක් පිළිබඳව දැනගත් විට එය ඊට අදාළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කළයුතු බව වසර 25 කටත් වැඩි කාලයක් රටේ වයවස්ථාදායකය නියෝජනය කළ අයෙකු ලෙසත් වසර 05ක් රටේ විධායක ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කළ ඔහු නොදැන සිටියේ යැයි නොසිතමී. එවැනි අල්ලසක් පිළිබඳ තහවුරු වූ තොරතුරක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට දැනුම් දීමට වඩා නීතයානුකූල වන්නේ එකී තොරතුරු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දැනුම් දීම බවත් අල්ලස් සම්බන්ධ තමන් දන්නා තොරතුරු වසං කිරීම බරපතල වරදක් බවත් ඔහු අනිවාර්යයෙන්ම දැන සිටින්නට ඇත.

 මේ ඇතුළු කරුණු 15ක් යටතේ පෙළගස්වා යොමුකර ඇති අදාළ පැමිණිල්ල පහත දැක්වෙයි ..

my chodana 535

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න