Language Switcher

V2025

රනිල් රාජපක්ෂද...? ඩලස් රාජපක්ෂද.....?

පළමුවෙන්ම කියන්න ඕනෙ රනිල් රාජපක්ෂ ආරක්ෂා කරන්නේ රාජපක්ෂ කියන පුද්ගලයන්ව. නමුත් ඩලස් රාජපක්ෂ ආරක්ෂා කරන්නේ 'රාජපක්ෂ' කියන මනෝභාවය සහ මතවාදය. දෙන්නගෙ එකම වෙනස ඕක,

මේ දෙකෙන් රනිල් රාජපක්ෂ ආවොත් ඉතිරි අවුරුදු දෙකහමාරට එන්නෙ කිසිම ජනමතයක් නැති, හමුදාව ලොකුවට රෙස්පෙක්ට් කරන්නෙ නැති, වෘත්තිය නිසා රෙපෙක්ට් කළත් කිසිම හමුදා ලව් එකක් නැති, පක්ෂයක් කියලා හරියටම එකකුත් නැති, ඒ නිසාම පක්ෂ වෙනුවෙන් දේවල් එකතුකරන්නත් නැති, ඔය කිව්වට තලේබාන් බෞද්ධයෝ කැමතිත් නැති, කාදිනනලුත් තරහ, දැන්නං ගේකුත් නැති කුජීතම ජනාධිපති කෙනෙක්. එතකොට විධායක සීන් අල්ලගෙන කොච්චර දැඟලුවත් ජනතාව බලවත් රනිල් රාජපක්ෂට වඩා. නමුත් රාජපක්ෂ පවුල ආරක්ෂිතයි.

ඩලස් රාජපක්ෂ ගත්තොත්, රනිල් රාජපක්ෂට වඩා ඩලස් රාජපක්ෂ ඉඳලා තියෙන්නේ රාජපක්ෂ ඇසුරේ. මෙතනදී 'රාජපක්ෂ' කියන්නේ මතවාදයක් මිසක් පුද්ගලයෙක් නෙවෙයි. එතනදී ඩලස් රාජපක්ෂට ප්‍රැක්ටිස් කරන්න වෙන්නෙම ආපහු රාජපක්ෂ ට්‍රික්ස්. ඒකියන්නේ දිනපු ගමම මල් වට්ටියකරං පන්සක් ගිහිල්ලා, ඔසරියක් ඇඳපු වයිෆ් සහ ළමයි පිටිපස්සේ තියාගෙන පිරිත් හඬ මැද්දේ කොලේ අස්සන් කරලා, ඕන්නං පෑන වහල පෙට්ටියටත් දාල තමයි එතුමා පටන්ගන්නෙ මැච් එක. අනික ඩලස් රාජපක්ෂට පක්ෂයක් තියෙනවා ඒ නිසාම අනාගතයක් පේනවා..., සජිත් නිසා SF සෙට් උණොත් හමුදා ලව් එකත් එනවා, තලේබාන් බෞද්ධ කණ්ඩායම කැමතිවෙනවා ෂුවර් එකටම (සරම අඳින, මාතර හාදයනෙ), කාදිනල් කොහොමත් යාළුයි, ගෙවල් දොරවල් තියෙන පුත්තු දෙන්නෙක් එහෙමත් ඉන්න ආපහු MINI රාජපක්ෂ complex එකක්. ඒ කියන්නේ මතවාදය ආරක්ෂිතයි. නමුත් පුද්ගලිකව රාජපක්ෂලා අනාරක්ෂිතයි ටිකක්.....

ඔය යු#ලිවර් වගේ මල්ටි නැසනල් කොම්පැණි වලින් දානවා තමංගෙම product දෙකක් එකම කැටගරි එකට. රින් සහ සර්ප් එස්කෙල් හිතපං. එකම කැටගරි එකේ, එකම කොම්පැණියෙන්, එකම ලොරියෙන් ඇවිත් එකම කඩේ විකිණෙන වෙන brands දෙකක්. එකක් ටිකක් පොෂ්, අනික ටිකක් ගොඩේ. Flower road එකයි මාතර දික්වැල්ලයි වගේ. හැබැයි කෝක විකිණුනත් සල්ලි යන්නෙ එකම කොම්පැණියට.... කොහොමද ටිකිරි මොළ.....

හරි හරි මම දන්නවා ඩලස් හොඳ මනුස්සයෙක්. හිටපු මාධ්‍යවේදියෙක්, ආතල් පොරක්..... මම මේ කියන්නේ කයියක් ගහලා මළගෙදරක නිදිමැරිල්ලක් වගේ එකක් ගැන නෙවෙයිනෙ....... කෙලවිලාම ගිය රටක ගිලෙන මොහොතේ එල්ලෙන්න තියෙන අන්තිම පිදුරුගස් කීපය ගැනනෙ.

මම නාමල් පුතානං මගේ සපෝට් එක ඩලස් රාජපක්ෂට. හේතුව පුතා දැනගන්න ඕනෙ පුතාගෙ අනාගතේ තියෙන්නේ වන්දිභට්ටයෝ ජාතික රජෙක් ඉල්ලන 'රාජපක්ෂ' මතවාදේ ආරක්ෂා වීමෙන් මිසක් තාත්තලා, මාමලා, බාප්පලා වගේ පුද්ගලයෝ ආරක්ෂා වීමෙන් නෙවෙයි කියලා. ඒකනිසා පවුලට කෙලවෙන්න ඇරලා පුතා ගන්න ඕං තමන්ගේ අනාගතයේ පැත්ත.

මම අනුරයියනං මම ගන්නෙ රනිල් රාජපක්ෂගෙ පැත්ත. හේතුව පුද්ගලයො රැකුණට අනාගතයේ ඒ වගේ අය බිහිවෙන මතවාදය ඉස්සරහට ගෙනියන්න රනිල්ට බෑ. ජේ.ආර් මාම හදලා දීපු අපූරු පක්ෂයකටම අමන්නපු රනිල්ට අනුන්ගේ පක්ස කජ්ජක්ද කියලා පේන නිසා. එතකොට අවුරුදු දෙකහමාර ඉවරවෙනකොට රනිලත් ඉවරයි, රාජපක්ෂලගෙත් සෑහෙන කෑල්ලක් ඉවරයි.

මම සජිත්නං මම ගන්නේ හොඳ වහලෙ කපපු ජිප් එකකුයි, බයිනකියුලර් එකකුයි. අලියො ළඟටම බලන්න.... ඩලස්ගේ සහය තමන්ට අරං තමන් ඉදිරිපත් වෙන්නෙ නැතුව දූවල ගිහින් ඩලස්ලා පිටිප්ස්සේ හැංඟෙනවට වඩා අලිබැලිල්ල හොඳයි.

මම එකපාරකුත් කිව්ව නේද....? ජනාධිපතිවරණයක් කියන්නෙම බහුවරණ ප්‍රශ්ණයක්........දුන්න උත්තර තුනෙන් එකක් යටින් ඉරක් අඳින්න තමයි කොහොමහරි වෙන්නෙ......

ප.ලි
මට රාජපක්ෂ මහත්තයල 'රාවණා' promote කරන්නේ ඇයි කියලා හරියටම තේරුණේ අද...... මූණු අත් හෙණ ගොඩක් තිබ්බට ඒව පාලනේ කරනනේ එක ඇඟයි, එක හදවතයි.....
පොඩි සහසක් කියන්නද...? ඔළු දොළහක් තිබ්බට ඒකෙ මොළ දොළහක් නෑ මට හිතෙන්නෙ. තියෙන්නේ එක මොළයයි main ඔළුවේ, අනික් ඔළු ඔක්කොම Empty cans.....

ප.ප.ලි
මේ රටේ මල් පුප්පනවට වඩා ලේසියෙන් සහරාකාන්තාරේ මැද රෝස හිටවලා තනියෙන් හුජ්ජ කරලා මල් පිප්පුවෑකි..... අම්මපල්......?????

rawana 1000px

Laka Darmarathna ගේ ෆේස්බුක් ගිනුමෙනි