සජිත්ගේ සහය ඩලස්ට.....

සජිත්ගේ සහය ඩලස්ට.....

ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට පැවසීය.

එහිදී ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම ගේ නම ස්ථිර කරනු ලැබුවේ මහාචාර්ය ජී. එල් පීරිස් විසිනි.

ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අමාත්‍ය මනුෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහගේ නම ස්ථිර කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායකගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා පැවසීය. හරිනි අමරසූරිය එම යෝජනාව ස්ථිර කළේය.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතර ඊයේ (18) රාත්‍රී පැවති සකච්ජාවද බිඳවැටී තිබුන නමුත් අද අලුයම ඒ සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීමට දෙපාර්ශවය සමත්ව තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න